ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අඛණ්ඩව සුරැකිය යුතුයි

සැප් 27, 2019

    ඉරාන න්‍යෂ්ටික ගැටළුව පිළිබඳ අංගසම්පූර්ණ ගිවිසුමට අදාළ රටවල විදේශ අමාත්‍යවරු නිව්හියෝර්ක් හී පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු ඒකාබද්ධ නිවේදනයක් එළි දැක්වූහ.

    ඒ අනුව, වසර 2015 දී එළඹි ඉරාන න්‍යෂ්ටික ගිවිසුම ආරක්ෂා කිරීමට අඛණ්ඩව උත්සාහ දරන බව, යළි අවධාරණය කරයි.

    එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අංක 2231 තීරණය අනුව සම්මත කරනු ලැබූ එම ඉරාන න්‍යෂ්ටික ගිවිසුම තවමත් ගෝලීය වශයෙන් න්‍යෂ්ටික නිර්ව්‍යප්තකරණය පිළිබඳ පද්ධතියේ වැදගත් කොටසක් බව එම සාකච්ඡාවට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ පොදු අදහසකි.

    ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්  ප්‍රායෝගිකව එම ගිවිසුම අනුගමනය කළ යුතුයි.

    මෙය විවිධ පාර්ශ්වයන්ගේ ප්‍රතිලාභ වලට අනුකූල වන බව ද සාකච්ඡාවට සහභාගී වී සිටි විවිධ පාර්ශ්වය එහිදී අවධාරණය කළහ.

    Latest News