නයිජිරියාවේ ගොඩනැගිල්ලක සිරකරගෙන සිටි 300ක් ගලවා ගැනේ

සැප් 28, 2019

    උතුරු නයිජීරියාවේ ගොඩනැගිල්ලක සිරකරගෙන සිටි 300 දෙනෙකුට වැඩි පිරිසක් ගලවා ගැනීමට එරට පොලීසිය සමත් වී තිබේ.

    වයස අවුරුදු 5 සිට නව යොවුන් විය දක්වා වූ පිරිමි ළමුන් මීට අයත් බවයි, වාර්තා වන්නේ. ගොඩනැගිල්ල පාසලක් ලෙස පවත්වාගෙන ගොස් තිබේ. එහි ගුරුවරුන් ලෙස පෙනී සිටි 7 දෙනෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිණ. ළමයින් කොපමණ කාලයක් රඳවාගෙන සිටියේ ද යන්න අනාවරණය වී නැත. වාර්තාවල දැක්වෙන්නේ, බොහෝ දෙනෙකුට ලිංගික අතවර ඇතුළු අමානුෂික වදහිංසා පමුණුවා ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 28 සැප්තැම්බර් 2019 12:36

    Latest News