බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව නිල වශයෙන් විසුරුවා හැරීම ඊයේ(06) සිදු විය. මීළඟ මහ මැතිවරණය දෙසැම්බර් මස 12වනදා පැවැත්වීමට නියමිතය.
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයේ පළමු විභාගය එළඹෙන සතියේ සිදු කිරීමට නියමිත බව කොංග්‍රසය නියෝජනය කරන ඩිමොක්‍රටික් සාමාජිකයින් සදහන් කරයි. එහිදී රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් තිදෙනෙක් පළමු සාක්‍ෂි ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

නවදිල්ලි අගනුවර වායු දූෂණය හේතුවෙන් වසා දමා තිබූ පාසල් අද (06) යළි විවෘත කර තිබේ.

ලෝකය හදිසි දේශගුණික අර්බුදයකට මුහුණ පා ඇති බවට විද්‍යාඥයින් අනතුරු අඟවයි. ගෝලීය පර්යේෂණවල නිරත විද්‍යාඥයින් එකොළොස් දහසක් පමණ එම අනතුරු ඇඟවීම් අනුමත කර ඇති බවයි, වාර්තා වන්නේ.

බෝයිං 787 ගුවන් යානයේ ඔක්සිජන් පද්ධතිය පිළිබඳව එහි සේවකයෙකු රහසිගත තොරතුරු අනාවරණය කර තිබේ.

අයි.එස්. සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක අබු බකර් අලි බැග්ඩෑඩ්ගේ වැඩිමහල් සොයුරිය තම අත්අඩංගුවට පත්වූ බව, තුර්කිය නිවේදනය කළේය.

පැරිස් සම්මුතියෙන් ඉවත්වීම පිළිබඳ අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ සංවිධානයට නිල වශයෙන් දැනුම්දී තිබේ.

ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු දුෂණය සාමාන්‍ය මට්ටමට වඩා 400 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

ලබන වසරේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් සිටි බෙටෝ ඕරුක් ජනපති සටනින් ඉවත් වී තිබේ.

දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන්වුණු බ්‍රිතාන්‍ය සබ්මැරීනයක් මොල්ටාවට නුදුරින් මුහුදු පත්ලේ තිබී සොයාගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.

2019 වසරේ චීන ජාත්‍යන්තර තොරුතුරු හා සංනිවේදන ප්‍රදර්ශනයේ පළමු දිනයේදී එමස සේවා නිල වශයෙන් ආරම්භ කෙරිණ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩල යෝජනාවක් සම්මත කර ගනී.

ඉස්ලාම් රාජ්‍යයේ සහ IS ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නව නායකයා ලෙස අබු ඊබ්‍රාහීම් අල් - හෂේමි අල් - කුරෙයිෂි නම් කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

තම නායකයා මරුමුවට පත්වූ බවත් නව නායකයකු පත් කළ බවත් අයි.එස් හෙවත් ඉස්ලාමික් ස්ටේට් සංවිධානය තහවුරු කරයි.

උතුරු කොරියාව ගුවන්ගත කළ හඳුනානොගත් ප්‍රක්ෂේපන දෙක බැලස්ටික් මිසයිල බවට තොරතුරු වාර්තා වී ඇතැයි, ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පකිස්ථානයේ කරච්චි සිට ලාහෝර් දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක ඇති වූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් 73ක් මිය ගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි.

ට්විටර් සමාජ මාධ්‍යජාලය තුළ සියලුම දේශපාලන දැන්වීම් පළ කිරීම තහනම් කිරීමට එම සමාගම සූදානම් වේ.

ඉන්දියාවේ ළිඳක් තුළට වැටී සිරවී සිටි දරුවා මියගොස් ඇති බව ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කරයි. ඔහුගේ සිරුර ගොඩට ගෙන පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමුකර ඇතැයි, ඉන්දිය බලධාරීන් ප්‍රකාශ කරයි. 

තමිල්නාඩුවේ, ගැඹුරු ලිඳක සිරවූ දරුවා බේරාගැනීමේ මෙහෙයුම් තෙවැනි දිනටත් දීර්ඝ වී තිබේ.

ආජන්ටිනාවේ ජනාධිපතිවරණයේ ජය ඇල්බර්ටෝ ෆර්නෑන්ඩස් හිමි කරගෙන තිබේ. ඔහු 47%යි දශම 7.9ක ඡන්ද ප්‍රමණය්ක දිනාගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

Latest News