ඊජිප්තුවේ පාරට බැස්ස 500කට මාංචු

සැප් 24, 2019

    ඊජිප්තුවේ විරෝධතා හේතුවෙන් 500ක පමණ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    වත්මන් රජයට එරෙහිව මේ විරෝධතා පැවැත්වුණේ,කයිරෝ,ඇලෙක්සැන්ඩ්‍රියා සහ තවත් නගර කිහිපයකයි. පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා මෙම විරෝධතා පැවැත්විණ. විරෝධතාවලට 60,000ක පමණ පිරිසක් සහභාගී වූ බවයි, වාර්තා වන්නේ. ඔවුන් බොහෝ දෙනා හිටපු ජනාධිපති මොහොමඩ් මුරුසිගේ ආධාරකරුවන් බවයි සඳහන් වන්නේ.

    එරට 2013 වසරේ සිට විරෝධතා තහනම් කර තිබේ. නීතියට අනූව දස දෙනෙකුට වැඩි පිරිසක් රජයේ අනුමැතියකින් තොරව එක්රැස් වීම තහනම්. අත්අඩංගුවට ගත් පිරිස නිල වශයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නැහැ.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 11:56

    Latest News