සෞදියේ හමුදා භට පිරිසක් හවුති කැරලිකරුවන්ගේ ග්‍රහණයට

සැප් 29, 2019

    තමන් සෞදි අරාබියේ විශාල හමුදා භට පිරිසක් සිය ග්‍රහණයට ගත් බව, යේමනයේ හවුති කැරලිකරුවන් පවසයි.

    ඔවුන් මේ පිරිස තම ග්‍රහණයට ගෙන ඇත්තේ, යේමන හා සෞදි අරාබි දේශසීමාවේ සෞදි අරාබියට අයත් නප්රාන් නම භූමි ප්‍රදේශයේදී. හවුත් කැරලිකරුවන්ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදෙස් මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් පවසා සිටියේ සෞදි අරාබියේ දහස් සංඛ්‍යාත භට පිරිසක් මේ වනවිට තමා යටතේ වන බවත් තවත් විශාල පිරිසක් එහිදී මියගිය බවත්ය. නමුත්, සෞදි බලධාරීන් මේ වනතුරුත් මේ ප්‍රකාශය සනාථ කරමින් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත. මෙය යේමනයේ ගැටුම් ආරම්භයේ පටන් සිදු කෙරුණු මෙහෙයුම්වලින් දැවැන්තම මෙහෙයුම වන බව ද හවුති කැරලිකරුවන්ගේ කර්නල් යහියා මාරි පවසයි. මෙහෙයුමෙන් සෞදි අරාබියට අයත් ජිවිත හා යුධෝපකරණ විශාල ප්‍රමාණයක් අහිමි වී තිබේ. කෙසේ වෙතත්, තමා භාරයේ සිටි සෞදි අරාබි භට පිරිස් ඉදිරි දිනකදී මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන බව හවුති කැරලිකරුවන්ගේ නායකයින් පවසා තිබේ. ඉකුත් 14 වැනිදා සෞදි අරාබි තෙල් ටැංකිවලට එල්ලවූ ප්‍රහාරයේ වගකීම භාරගත්තේ ද යේමනයේ හවුති කැරලිකරුවන්ය.

    Latest News