ඔස්ට්‍රේලියාවේ ‘ක්වෙන්ටාස්‘ ගුවන් සමාගම, ලොව දිගම ගුවන් ගමන ඊයේ(20) සම්පූර්ණ කිරීමට සමත් විය. යානය, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර සිට ඔස්ට්‍රේලියාවේ සිඩ්නි දක්වා නොනවත්වා පැය 19ක ගුවන් ගමනක යෙදුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 

රුසියාවේ සයිබිරියානු ප්‍රදේශයට අයත් රන් ආකරයක් හා ගංගාවක් අතර පැවති වේල්ලක් කැඩී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

චීනය නවතම සන්නිවේදනය තාක්ෂණ අත්හදා බැලීමේ චන්ද්‍රිකාවක් ඊයේ කක්ෂගත කර තිබේ.

පිලිපීනයේ ඇතිවූ ප්‍රබල භූ කම්පනයකින් කුඩා දරුවෙක් මියගොස් තිබේ. තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

තුර්කිය හා සිරියානු හමුදා අතර ගැටුම්වලට ඉඩ නොදෙන බව, රුසියාව පවසයි. තුර්කිය තම හමුදා මෙහෙයුම් උතුරු සිරියාවේ අඛණ්ඩව සිදු කරන බවයි, වාර්තා වන්නේ.

ජපානයට බලපෑ හැගිබීස් සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයන් 49 දෙනෙකු මියගොස්, 16 දෙනෙකු අතුරුදන්වී තිබේ.

හයිබිස් සුළි කුණාටුව ජපානයෙන් පිටත පැසිෆික් මුහුද කලාපය වෙත ගමන් කර තිබේ. සුළි කුණාටුවෙන් ජපානයේ මියගිය සංඛ්‍යාව 35කට අධිකයි.

ජපානයට බලපෑ “හගිබීස්“ සුළි කුණාටුවෙන් මියගිය ගණන 26 දක්වා ඉහළ ගොස් තිබේ.

ජපානයට බලපා ඇති කුණාටු තත්වය හේතුවෙන් මේ වන විට 14 දෙනෙකු පමණ මියගොස් තිබේ. හගිබීස් සුළි කුණාටුව දශක 6කින් පසු ජපානයට බලපෑ ප්‍රබලම සුළි කුණාටුව බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබ් අහ්මඩ් සමත් විය.

අනපේක්ෂිතව අයුරින් තායිලන්තයේ වන අලි මියගිය වඩාත් බරපතලම සිදුවීම මෙය ලෙස සැළකේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, උප අග්‍රාමාත්‍ය, චීනය හා අමෙරිකාව අතර පූර්ණ ආර්ථික සංවාදයේ චීන පාර්ශවයේ ප්‍රධානී Liu He සහ අමෙරිකානු වෙළඳ නියෝජිත Robert Lighthizer, භාණ්ඩාගාර ලේකම් Steven Mnuchin යන මහත්වරුන් අතර, නව වටයේ චීන අමෙරිකා ආර්ථික හා වෙළඳ ඉහළ පෙළේ සාකච්ඡා ඊයේ (10) උදෑසන ආරම්භ විය.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිල සංචාරයක් සඳහා අද සෞදි අරාබියට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.

මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතියක් සඳහා මුම්බායි නගරයේ ගස් කැපීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහනම් කරනු ලැබීය.

දිය ඇල්ලකට ලිස්සා වැටීමෙන් තායිලන්තයේ වන අලීන් 06 දෙනෙකු මියගොස් තිබේ.

උතුරු කොරියාව මුහුදේ සිට මිසයිල එල්ල කළ හැකි සබ්මැරීනයක් දියත් කිරීමට සමත් වේ.

ආණ්‍ඩුක්‍රම ව්‍යවස්ථා කමිටුව ස්ථාපනය කිරීම මගින් සිරියා ප්‍රශ්නය විසඳීම ප්‍රවර්ධනය කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සිරියා ප්‍රශ්නය පිළිබඳ විශේෂ නියෝජිතයා පවසයි.

සෝමාලියාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වසර 30කට ආසන්න කාලයකට පසුව යලි විවෘත කර තිබේ.

ලොකු ළූණු අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ඉන්දියාව තීරණය කර ඇත.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වී වසරක් සපිරෙයි.

Latest News