විදෙස් හමුදා කලාපයට දුක හා වේදනාව පමණක් අත්කර දුන්නා; හසන් රවුහානි

සැප් 22, 2019

    විදේශීය හමුදා ගල්ෆ් කලාපයෙන් ඉවත් විය යුතු බව, ඉරානය කියා සිටී.

    ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසන්නේ විදෙස් හමුදා සැමවිටම කලාපයට දුක හා වේදනාව පමණක් අත්කර දුන් බවයි. ඉරාන-ඉරාක යුද්ධයේ සැමරුම නිමිත්තෙන් ටෙහෙරාන් අගනුවර පැවති උත්සවයකදී ජනාධිපතිවරයා අද මේ බව පැවසීය. ගල්ෆ් කලාපයට තවත් අමෙරිකානු හමුදා යැවීමට ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා අනුමැතිය ලබාදුන්නේ සෞදි අරාබියේ තෙල් සැකසුම් මධ්‍යස්ථානවලට එල්ලවූ ප්‍රහාර පාදක කරගනිමින්. සැප්තැම්බර් 14 වැනිදා සිදුවූ එම ප්‍රහාරය ඉරානය සිදු කළ බව, අමෙරිකාව මෙන්ම සෞදි අරාබිය ද කියා සිටී. එම චෝදනා ප්‍රතික්‍ෂේප කරන ඉරානය අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ තම කලාපය යුද පිටියක් බවට පත් නොකරන ලෙසයි. ගල්ෆ් කලාපයේ සාමය සඳහා වන නව යෝජනා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වෙත නොබෝ දිනකින් ඉදිරිපත් කරන බව ජනාධිපති හසන් රවුහානි කියා සිටී.

    Latest News