කෙහෙළියගේ තීන්දුව කල් යයි

අප්‍රේ 30, 2024

    හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව මැයි 7 වැනි දා දක්වා කල්තැබීමට අභියාචනාධිකරණය අද නියෝග කළා.

    මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට දුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.
     
    එම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. 
     
    එහෙත් එය ප්‍රකාශ කිරීම මැයි මස 07 වන දා දක්වා කල් තබන බව අභියාචනාධිකරණ විනිසුරු ඩී එන් සමරකෝන් මහතා නිවේදනය කළා.
    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2024 11:16

    Latest News