චීනයේ චියෝ චුඈන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් Long march 11 ප්‍රවාහන රොකට්ටුව ආධාරයෙන් “Zhu Hai 1”ට අයත් 3වැනි කණ්ඩායමේ චන්ද්‍රිකා 5ක් ඊයේ (19) සාර්ථකව කක්ෂගත කර තිබේ.

ඊයේ බෙල්ජියනු F-16 ප්‍රහාරක යානයක් බටහිර ප්‍රංශයේ ගමක් ඉහළ ආකාශයේදී පුපුරා විනාශව ගිය ප්‍රවෘත්තියක් වාර්තා විය.

චීන අග්‍රාමාත්‍ය Li Keqiang මහතා රුසියාවේ මොස්කව් නගරයේ Kremlin මාලිගාවේදී එරට ජනාධිපති Vladimir Putin මහතා හමුවිය.

අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය මේ වසරේ දෙවැනි වරටත් පොලී අනුපාතය අඩු කරයි.

ඉකුත් සති අන්තයේ තම තෙල් මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලට ඉරානය සම්බන්ධ බව, තහවුරුවී ඇතැයි සෞදි ආරක්ෂක අංශ පවසයි.

වෙරළට ගසාගෙන විත් සිටි ඩොල්ෆින් මත්ස්‍යයින් දෙදෙනෙකු නිරුපද්‍රිතව නැවත සාගරයට මුදාහැරීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. අදාළ ඩොල්ෆින් මසුන් දෙදෙනා මීටර 200ක් පමණ වෙරළ දෙසට ගසා ගෙන විත් සිටි බවයි, වාර්තා වන්නේ.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල මාස 4ක් තුළ වාර්තා කළ ඉහළම අගයට පැමිණ තිබේ. සෞදි අරාබියේ ප්‍රධාන ඉන්ධන සංකීර්ණයන් දෙකක් ඉලක්ක කර ගනිමින් පසුගියදා එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසුවයි, මෙම මිල ඉහළ යාම සිදුවුණේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු අද (15) 35 වැනි උපන් දිනය සමරනවා.

සවුදි අරාබියේ තෙල් සැකසුම් මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරය ඉරානය විසින් සිදු කරන්නට ඇතැයි අමෙරිකාව චෝදනා කරයි.

අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානයේ නායක ඔසාමා බින් ලාඩන්ගේ පුත් හම්සා බින් ලාඩන් අමෙරිකානු ප්‍රහාරයකින් මරුමුවට පත්විය.

අමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය හෙවත්, CIA ආයතනය ශීත යුද සමයේ ඔත්තු සේවා සඳහා පරවියන් යොදා ගැනීම පිළිබඳ තොරතුරු හෙළිකර තිබේ.

බහමාස් රාජ්‍යය යළි සුළි කුණාටුවකට ගොදුරුවීමේ අවදානමක් ඇතැයි, කාලගුණ අංශ පෙන්වා දෙයි.

අභාවප්‍රාප්ත, සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හරාරේ අගනුවරදී අද පැවැත්වේ.

සවුදි අරාබි රජයට අයත්, තෙල් සැපයුම් මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ලොව දැනට භාවිත කෙරෙන එස්.එෆ්-6 නමැති වායුව මගින් දේශගුණික විපර්යාස හා පාරිසරික හානි සිදුවන බව හඳුනාගෙන තිබේ.

ගිවිසුමකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා බ්‍රිතාන්‍යය හදිසි තත්ත්වයට මුහුණ දීමේ සැලස්මක් නිකුත් කරයි.

ජායිෂ් ඊ මුහම්මද් ත්‍රස්ත කණ්ඩායමට සම්බන්ධ පුද්ගලයින් තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

චීනය විසින් නවතම චන්ද්‍රිකා තුනක් ඊයේ කක්‍ෂගත කරනු ලැබීය.

මැලේරියාව සඳහා ලොව ප්‍රථම වරට එන්නතක් හඳුන්වා දී තිබේ.

ඩෝරියන් සුළි කුණාටුවෙන් අතුරුදන් වූ සංඛ්‍යාව 1,300ක් බව, බහමාස් බලධාරීහු පවසති.

Latest News