ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයක සේයාවක්

සැප් 26, 2019

    අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නිල දෝශාභියෝගයක් ඉදිරිපත් කිරීම සඳහා එරට ඩිමොක්‍රටික් පක්ෂය විමර්ශන ආරම්භ කර තිබේ.

    ඒ දේශපාලන ප්‍රතිවාදියෙකුට හානි කිරීම සඳහා විදේශ බලවේගයක් මෙහෙයවූ බවට එල්ල වූ චෝදනා මුල් කර ගනිමින්. ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරියක් වන නැන්සි පෙලෝසි පැවසුවේ, ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වගකීම් බාර ගත යුතු බවයි.

    මෙය තමන්ට එරෙහි මඩ ව්‍යාපාරයක් බවයි, එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ. මෙම දෝෂාභියෝගයට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පක්ෂ සභිකයන්ගෙන් ද ප්‍රබල සහයක් හිමිව තිබේ. නමුත් රිපබ්ලිකන් පක්ෂයේ පාලනයට යටත් සෙනට් සභාවේදී එය සම්මත කර ගැනීම දුෂ්කර වනු ඇති බවයි, වාර්තා වන්නේ.

    Latest News