චීනයේ කමියුනිස්ට් පාලනයට වසර 70ක්

ඔක් 01, 2019

    චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය ඉයැන්ග්මෙන් චතුරඝ්‍රයේ දී මීට සුළු වේලාවකට පෙර ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති මධ්‍යම හමුදා කමිටුවේ සභාපති ෂී ජින් පිං මහතා එහදී වැදගත් දේශනයක් සිදු කළේය.

    සාංවත්සරික උත්සවය සමගින් උද්යෝගවත් හමුදා උත්තාමාචාරයක් එහීදී පැවැත්විණ. එය චීන හමුදාව ප්‍රතිසංස්කරණයෙන් පසු පැවති ප්‍රථම හමුදා උත්තමාචාරයයි. මෙවර හමුදා උත්තාමාචාරයට එක්වූ භට පිරිස 15 දහසක් පමණ විය. මෑත වසර කිහිපයක් තුළ පැවති විශාලත ම හමුදා උත්තාමාචාරය ලෙසට එය හැඳින්වේ. ලක්ෂයක සිවිල් වැසියන්ගෙන් සමන්විත ජන පෙළපාලියකින් ද එය සමන්විත විය.

    ගෙවී ගිය වසර 70 තුළ, චීන ආර්ථික හා සමාජ සංවර්ධනය විශ්ව අවධානයට ලක් ව තිබේ. දුප්පත් මෙන්ම දුර්වල රටක සිට ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථික ඒකකය දක්වාත් වෙළඳ භාණ්ඩ ගනුදෙනු විශාලතම රට දක්වාත්, වැඩි ම විදේශ සංචිත හිමි රට දක්වාත්, විදේශයන්හී ආයෝජන සිදු කරන දෙවැනි විශාලතම රට දක්වාත් චීනය පත් වී තිබේ.

    චීන ජාතියේ ස්වාධීනත්වය, ජනතාවගේ විමුක්තිය, රටේ සමෘද්ධිය සහ ජනතාවගේ සුභ සෙත වෙනුවෙන් අමරණීය දායකත්වය දැක්වූ විප්ලවවාදී මුතුන් මිත්තන් හා දිවි පිදූවන් ගැඹුරු ලෙස සිහිපත් කරන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය. චීනයේ සංවර්ධනය පිළිබඳව සැලකිලිමත් වන සහ සහයෝගය දක්වන විවිධ රටවල මිතුරන්ට ෂී ජින් පිං මහතා එහිදී සිය හෘදයාංගම ස්තුතිය පළ කළේය.

    කිසිදු බලවේගයකට චීනයේ ඉදිරි ද ගමනට බාධා එල්ල කළ නොහැකි බව චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ වර්තමානයේ සමාජවාදී චීනය නැගෙනහිර ලෝකයේ ස්ථීර ලෙස නැඟී සිටින බවයි. කිසිදු බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කළ නොහැකි බවත් කිසිදු බලවේගයකට චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා එල්ල කළ නොහැකි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

    චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත වීමෙන් පසු චීනයේ දිළිඳු මෙන්ම දුර්වල තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස් වී තිබේ. ඉන පුනර්ජීවනය සාක්ෂාත් කිරීමේ ගමනට චීනය ප්‍රවේශ වී තිබේ. ගෙවී ගිය වසර 70 තුළ චීන විවිධ ජාතීන් සමාන සිහිනය හා සමාන සංකල්පය රැගෙන උත්සාහ දරා ලෝකයේ අවධානයට ලක් වූ විශාල ජයග්‍රහණ ලබා ගෙන ඇති බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

    ඉදිරියට යන ගමනේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වයෙන් යුතුව මහජනතාව කේන්ද්‍ර කර ගනිමින් චීන ලක්ෂණයන්ගෙන් යුත් සමාජවාදී ක්‍රියාමාර්ගයෙහි එල්බ සිටිය යුතු යැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැමරුම් උත්සවයේදී අවධාරණය කළේය.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මූලික න්‍යාය, මූලික ක්‍රියාවලිය, මූලික උපායමාර්ගය අංග සම්පූර්ණයෙම ක්‍රියාත්මක කරන ලෙස හෙතෙම ඉල්ලා සිටී. ජනතාව ගේ යහපත් ජීවිතය සඳහා වූ අපේක්ෂාව අඛණ්ඩව සපුරා දෙමින් අලුත් ඓතිහාසික විශිෂ්ටත්වය නිර්මාණය කිරීමට චීනය දායක වන බව ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

    ඉදිරියට ගමන් කිරීමේදී “සාමකාමී එක්සත්භාවය, එක් රටක්, ක්රම දෙකක්”යන ක්‍රියාවලියට චීනය අනුගමනය කළ යුතු බව ෂී ජින් පිං මහතා එහිදී අවධාරණය කළේය. විශේෂ පරිපාලන කාලප වන හොංකොං සහ මැකෞව්හි දීර්ඝ කාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය පවත්වා ගෙන තායිවාන සමුද්‍ර සන්ධි දෙපස සබඳතා හා සාමකාමී සංවර්ධනය ඉදිරියට ගෙන යා යුතු බව ද හෙතෙම සඳහන් කළේය. රටේ සම්පූර්ණ එක්සත්භාවය ඉටුකිරීම සඳහා අඛණ්ඩ ලෙස උත්සාහ දරන ලෙස හෙතෙම සමස්ත චීන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    ඉදිරියට ගමන් කිරීමේදී සාමකාමී සංවර්ධන ක්‍රියාමාර්ගයෙහි එල්බ සිටිය යුතු අතර අන්යෝන්‍ය යහපත මෙන්ම පොදු ජයග්‍රහණයෙන් යුත් විවෘත උපායමාර්ගය අනුගමනය කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය. ලෝකයේ ඒ ඒ රටවල ජනතාව සමඟ එක්ව පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ බිහි කිරීම සඳහා දායක විය යුතු යැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ චීනයේ අතීතය මානවයන්ගේ ඉතිහාසයේ ලියා ඇති බවයි. චීනයේ වර්තමානය දස කෝටි ගණනක ජනතාව විසින් නිර්මාණය කෙරෙමින් පවතී. චීනයේ අනාගතය වඩාත් සුන්දර විය යුතු බව හෙතෙම ප්‍රකාශ කළේය.

    වඩාත් සමීප මෙන්ම එකමුතුව රැඳී සිටින ලෙසට ද අඛණ්ඩව චීනය යහපත් වශයෙන් සංවර්ධනය කිරීම හා තහවුරු කරන ලෙසට ද සියවස් දෙකක ඉලක්කය හා චීන ජනතාවගේ පුනර්ජීවන සිහිනය සාක්ෂාත් කිරීම සඳහා අඛණ්ඩව උත්සාහ දරන ලෙසට ද ෂී ජින් පිං මහතා චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වැනි සංවත්සරය සැමරීමේ සමුළුවේදී සමස්ත චීන කොමියුනිස්ට් පක්ෂය , චීන හමුදාව හා චීන ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 10:39

    Latest News