ට්‍රම්ප් ඉන්දීය ජනතාවගේ සමීපතම මිතුරෙක්; මෝදි

සැප් 23, 2019

    ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර මෝදිට අමෙරිකාවේ දී උණුසුම් පිළිගැනීමක් ලැබී තිබේ.

    පාප් වහන්සේ හැරුණු විට විදෙස් රාජ්‍ය නායකයෙකුට එරට දී ලැබුණු ඉහළම පිළිගැනීම මෙයයි. “හවුඩි මෝඩි“ ලෙස හැඳින්වුණු උත්සවය ඊයේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නගරයේ දී පැවැත්විණ. පනස් දහසක පමණ පිරිසක් සහභාගි වූ උත්සවය ආරම්භ වුණේ, ඉන්දීය සංස්කෘතිකාංග රැසක් ද සමඟින්. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමාගේ මෙන්ම ඉන්දියානු ජනතාවගේ ද සමීපතම මිතුරෙක් බව, උත්සවය අමතමින් නරේන්ද්‍ර මෝදි පැවසීය. ජනාධිපති ට්‍රම්ප් එහිදී කියා සිටියේ අභ්‍යවකාශ තාක්‍ෂණය, බලශක්තිය හා ආරක්‍ෂාව වැනි ක්‍ෂේත්‍ර ඔස්සේ අමෙරිකාව, ඉන්දියාව සමඟ සමීපව ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති බවයි. අමෙරිකාවේ පදිංචි ඉන්දියානුවන්ගේ සංඛ්‍යාව මිලියන 04ක්. ඔවුන්ගේ සහය දිනාගැනීම ඩොනල්ඩ් ට්‍රම්පේ මීළඟ මැතිවරණයේ දී අතිශය වැදගත් වනු ඇතැයි විශ්වාස කෙරේ. මීළඟ සියවසේ ඉන්දීය ආර්ථිකයේ වර්ධනය සඳහා අමෙරිකානු සහාය ලබාගැනීමට ද නරේන්ද්‍ර මෝදි උත්සාහ කරයි.

    Latest News