විශාලතම පර්යන්තය හිමි ගුවන්තොටුපොළ බීජිං වලින්

සැප් 26, 2019

    ලොව විශාලතම පර්යන්තය හිමි නව ගුවන් තොටුපළ චීනයේ බීජිං නුවරදී ඊයේ විවෘත කෙරිණ.

    ඒ ජනාධිපති ෂි ජින් පින්ගේ ප්‍රධානත්වයෙන්. ස්ටාර්ෆිෂ් සත්වයෙකුගේ හැඩයගත් මෙම ගුවන් තොටුපොළ වඩාත් නවීන අංගෝපාංගවලින් සමන්විතයි. මෙතෙක් මෙහෙයුම් සිදු කළ බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙනුවටයි, මෙම නවගුවන් තොටුපළ ඉදිකර තිබෙන්නේ.

    මෙය අනාගතයේ දී ලොව වඩාත්ම කාර්ය බහුල ගුවන් තොටුපළ ඉදිකර තිබෙන්නේ. මෙය අනාගතයේ දී ලොව වඩාත්ම කාර්ය බහුල ගුවන් තොටුපළ වනු ඇති බව චීන ජනාධිපති ෂී ජින් පින් මෙය විවෘත කිරීමේ දී පවසා සිටියේය. චීනය කමියුනිස්ට් පාලනයට පත්වීමේ 70 වැනි සංවත්සරයට සමගාමීව මෙම ගුවන් තොටුපළ විවෘත කිරීම විශේෂත්වයක්. මෙම ගුවන් තොටුපළ හරහා වසරකට ගුවන් මගීන් මිලියන 100කට අධික පිරිසකට පහසුකම් සැලසිය හැකි බව වාර්තා වෙයි.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 26 සැප්තැම්බර් 2019 09:10

    Latest News