'අමෙරි' කැඩී යයි

ඔක් 02, 2019

    ඇන්ටාක්ටිකාවට අයත්ව තිබූ අමෙරි නම් අයසි තට්ටුවෙන් දැවැන්ත ප්‍රමාණයෙන් අයිස් කුට්ටියක් පසුගියදා කැඩී ගොස් තිබේ.

    එහි බර දළ වශයෙන් ටොන් බිලියන 315ක් වන බවයි, වාර්තා වන්නේ. ඒ අනූව, මෙය වසර 50ක ආසන්න කාලසීමාවක් තුළ දී ඇන්ටාක්ටිකාවෙන් කැඩී ගිය විශාලතම අයිස් කුට්ටිය බව ද පැවසෙයි. වර්ග කිලෝමීටර 1,636ක පමණ විශාලත්වයක් සහිත මෙම අයිස් කුට්ටිය "ඩී-28" ලෙසයි හඳුන්වනු ලබන්නේ.

    පර්යේෂකයන් මේ පිළිබඳ දැඩි අවදානයකින් පසුවන අතර, යුරෝපා සංගමයට අයත්, චන්ද්‍රිකාවක් මගින් ලබා ගත් ඡායාරූප මෙම පර්යේෂණ සඳහා ද යොදා ගැනේ. ඇන්ටාක්ටිකාවට අයත් තෙවැනි විශාලතම අයිස් තට්ටුව ඇමෙරි බවයි, වාර්තා වන්නේ. අනාගත අයිස් කුට්ටි කැඩීයාම නෞකා ගමන් වෙත දැඩි බලපෑම්ක එල්ල කරන බවයි, ඒ පිළිබඳ පර්යේෂණය කරන විද්වතුන් සඳහන් කරයි.

    Last modified on බදාදා, 02 ඔක්තෝබර් 2019 10:55

    Latest News