ඉන්දියාවට බලපෑ ගංවතුර තත්වය යළි ඉහළට

සැප් 30, 2019

    ඉන්දියාවටා බලපා ඇති අධික ගංවතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතියි.

    ගංවතුර හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා මියගිය සංඛ්‍යාව 80කට අධිකයි. බිහාර් ඇතුළු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයක් ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව තිබේ. ඊයේ දිනයේ දී ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් නව දහසකට අධික ප්‍රමාණයක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු කළේය.

    ඉන්දියාවට බලපාන මොසම් වැසි සාමාන්‍යයෙන් සැප්තැම්බර් මස මුල දී ආරම්භ වන නමුත්, මේ වසරේ එය තරමක් ප්‍රමාද විය. කෙසේ වෙතත් මේ හේතුවෙන් කෘෂි කර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට දැඩිව බලපෑම් එල්ල වෙයි. ගංවතුර තත්වය ප්‍රදේශයේ පාසල් හා රජයේ රෝහල් වෙත බලපා තිබේ. ආපදාවට පත්වූවන් මුදා ගැනීමට සහන සේවකයින් සහ බෝට්ටු සේවා යොදවා ඇති බවයි, වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 30 සැප්තැම්බර් 2019 10:07

    Latest News