හව්ති කැරළිකරුවන් භාරයේ සිටි සිරකරුවන් 290කට නිදහස

ඔක් 01, 2019

    යේමනයේ හව්ති කැරලිකරුවන් ඔවුන් බාරයේ සිටි සිරකරුවන් 290 දෙනෙක් නිදහස් කර තිබේ. ඊට සෞදි ජාතිකයින් දෙදෙනෙක් ද අයත්.

    එක්සත් ජාතීන්ගේ සාම වැඩපිළිවළේ කොටසක් ලෙස මෙම සිරකරුවන් නිදහස් කර තිබේ. යේමනයේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියේජිතයා සඳහන් කර සිටින්නේ මෙය ඉතා සුබදායී ක්‍රියා මාර්ගයක් බවයි. හව්ති කැරළිකරුවන් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇති කරගෙන තිබෙන ගිවිසුමට අනූව සිරකරුවන් නිදහස් කිරීම ප්‍රධාන කොන්දේසියක් වෙයි.

     

     

    Last modified on අඟහරුවාදා, 01 ඔක්තෝබර් 2019 08:05

    Latest News