කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමා ලබන මාසයේදී ලිහිල් කරන බව ප්‍රංශ රජය ප්‍රකාශ කරයි.

කොරොනා වසංගතය හේතුවෙන් වසා දමා තිබූ ‍වූහාන් නගරය යළි විවෘත කිරීමෙන් අනතුරුව එහි වරායන් හී මෙහෙයුම්ද යළි ආරම්භ කර තිබේ.

රටම වසා දැමීමේ ලොක්ඩවුන් සීමා ලබන මස 3 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) ප්‍රකාශ කරයි.

ප්‍රතිශතයක් ලෙස ගත් කළ කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගෙන් සීයයට 6.4ක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත.

රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගැනීම අපහසු වුවහොත්, ඊට හමුදාව යොදවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

අමෙරිකාවේ වසා දැමීමේ නීති ඉවත් කිරීමේ බලපත්‍ර ජනාධිපතිවරයා විසින් පවරාගෙන තිබේ.

දකුණු කොරියාව, එරට 21 වැනි මහ මැතිවරණය ලබන බදාදා පැවැත්වීමට සූදානම් වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ පහලොස් දහස ඉක්මවා තිබේ. ආසාදිත සංඛ්‍යාව 18 ලක්‍ෂය ඉක්මවන බව, වාර්තාවේ.

'ඔපෙක්‌' සංවිධානය ඓතිහාසික තෙල්‌ ගනුදෙනුවකට එකඟත්වය පළ කර තිබේ.

තමන්ට ජිවිතය ලබාදුන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට තමන් ණය ගැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

ඉන්දියාව තවදුරටත් සම්පූර්ණයෙන්ම වසා දැමීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එකඟත්වය පළ කර ඇති බව නවදිල්ලියේ ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්‍රිවාල් පවසයි.

ඇපල් සහ ගූගල් යන සමාගම් දෙකම කොරෝනා වෛරසය ආසාදිතයින් ගැවසුනු ස්ථානවලට සාමාන්‍ය වැසියන් ගමන් කළාද යන්න සොයා බැලීමට නව යෙදවුමක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

ස්පාඤ්ඤයේ මේ වනවිට එක්ලක්‍ෂ හැට දහසකට ආසන්න පිරිසක් වෛරසය ආසාදනයට ලක්ව තිබේ.

අමෙරිකාවේ ඊයේ දින පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගියේය.

ලොව පුරා රටවල් රැසක පනවා ඇති නගර වසා දැමීම් ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

ජම්මු - කාශ්මීර් දේශසීමා ආසන්නයේ ඉන්දු - පාකිස්තාන සන්නද්ධ ගැටුමක් පිළිබදව වාර්තා වේ.

කොවිඩ් -19 හි මරණ අනුපාතය ඉන්ෆ්ලුවෙන්සා වලට වඩා 10 ගුණයකින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්ථිර සහය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝහල්ගත කර සිටි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් එහි දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කොට නැවතත් සාමාන්‍ය වාට්ටුවකට ඇතුලත් කර තිබේ.

කොරෝනා වෛරස ආසාදනය වීමෙන් ලොව පුරා මියගිය පිරිස මේ වන විට 95,500 ඉක්මවා තිබේ.

Latest News