සුවය ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් රෝහලෙන් පිටව යයි

අප්‍රේ 12, 2020

    තමන්ට ජිවිතය ලබාදුන් සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලයට තමන් ණය ගැති බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පවසයි.

    එමෙන්ම ඔවුන්ට ප්‍රමාණවත් ස්තූතියක් ලබාදීමට තමන්ට නොහැකි බවත් ඔහු කියා සිටියි.

    ඉකුත් මස 27 වැනිදා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගැනීමත් සමඟ ඉකුත් ඉරිදා අග්‍රාමාත්‍යවරයා ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුලත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීය. එහිදී සුවය ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහලෙන් පිටව ගිය බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 12 අප්‍රේල් 2020 19:07

    Latest News