WHO - මඟ නොහැර ස්ථිර සහය ලබා දෙන බව චීනයෙන් ප්‍රතිඥාවක්

අප්‍රේ 10, 2020

    ලෝක සෞඛ්‍ය සංවිධානයට ස්ථිර සහය ලබා දෙන බව චීනය ප්‍රකාශ කරයි.

    ගෝලීය කොරොනා මර්දන සහයෝගිතාවේ ලෝක සෞඛ්‍ය සංවිධානයට හිමි ප්‍රමුඛ නායකත්වයට චීනය පෙර සේම අනුබල දෙනු ඇතැයි චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Zhao Li jian මහතා ඊයේ (09) බෙයිජිංහි පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී පැවසීය.

    කොරොනා වසංගතය මුවාවෙන් දේශපාලනීකරණයට හා රටකට හෝ පුද්ගලයෙකුට ගැරහීමට චීනය විරුද්ධ වන බව ඔහු එහිදී අවධාරණය කළේය.

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus මහතාට එරෙහිව සිදුකළ පුද්ගලික ගැරහීම හා ජනවාර්ගික වෙනස්කම් චීනය දැඩි ලෙස හෙළා දකින බව ඔහු කියා සිටියේය.

    මෑතකදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාධාරණත්වය පිළිබඳව ඇමරිකාව චෝදනා නගා තිබේ.

    එහෙත් එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයා, ප්‍රංශය, රුවන්ඩාව හා ඉතියෝපියාව ඇතුළු රටවල සහ අප්‍රිකානු ලීගයේ දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ ලෝක සෞඛ්‍ය සංවිධානයට සහය පළ කර ඇත.

    පසුගියාදා පැවති ජී - 20 කණ්ඩායමේ විශේෂ නායක සමුළුව නිවේදනයක් නිකුත් කරමින්, ජාත්‍යන්තර කොරොනා මර්දන කටයුතුවලදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්බන්ධීකරණ කාර්යභාරයට පූර්ණ සහයක් ලබා දිය යුතු බව අවධාරණය කර තිබේ.

    Latest News