නගර වසා දැමීම් ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතුයි - WHO

අප්‍රේ 11, 2020

    ලොව පුරා රටවල් රැසක පනවා ඇති නගර වසා දැමීම් ඉවත් කිරීමට ඉක්මන් නොවිය යුතු බව, ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

    එමගින් මාරාන්තික ප්‍රතිඵල ඇති විය හැකි බව, එම සංවිධානය පෙන්වා දෙයි. එමගින් මාරාන්තික ප්‍රතිඵල ඇති විය හැකි බව, එම සංවිධානය පෙන්වා දෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ගේබ්‍රියේසිස් කියා සිටින්නේ රටවල් සංචරණ සීමා ඉවත් කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. ඇතැම් රටවල් ආර්ථික තත්වයන් සැලකිල්ලට ගෙන සංචරණ සීමා ඉවත් කිරීම අනතුරුදායක බවයි. යුරෝපයේ දරුණුම කොරෝනා වසංගත තත්වයට මුහුණ දී සිටින ස්පාඤ්ඤය සහ ඉතාලිය තම රටවල සංචරණ සීමා ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. ලෝකයේ මේ වනවිට සම්පූර්ණ COVID-19 රෝගීන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 17කට ආසන්න වී තිබේ. රෝගය හේතුවෙන් මියගිය සංඛ්‍යාව ඊයේ ලක්‍ෂය ඉක්මවා ගියේය.

    Latest News