කොරෝනා අතරේ ජම්මු-කාශ්මීර් දේශසීමා ආසන්නයේ ගැටුම්

අප්‍රේ 11, 2020

    ජම්මු - කාශ්මීර් දේශසීමා ආසන්නයේ ඉන්දු - පාකිස්තාන සන්නද්ධ ගැටුමක් පිළිබදව වාර්තා වේ.

    ඉන්දියාව සඳහන් කළේ තමන් කාලතුවක්කු ප්‍රහාරයකින් පාකිස්තාන හමුදා අවි ගබඩාවක් විනාශ කළ බවයි.

    මීට දින 5කට පෙර ජම්මු - කාශ්මීර දේශසීමා ප්‍රදේශයේදී ඉන්දීය විශේෂ බලකායේ සෙබලූන් 5 දෙනෙකු පාකිස්තාන ප්‍රහාරයකින් මරුමුවට පත් වීමට ප්‍රතිචාර දැක්වීම සඳහා එම ප්‍රහාරය එල්ල කළ බව ද ඉන්දියාව ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    මේ අතර කාශ්මීර දේශසීමාව උල්ලංගණය කරමින් සිය භූමියට පැමිණි ඉන්දීය ඩ්‍රෝන් යානයක් විනාශ කළ බව ද පාකිස්තානය කියා සිටියි. ලොව මුහුදු මට්ටමින් ඉහළින්ම පිහිටි ගැටුම් බිම වන ඉන්දු - පාකිස්තාන කාශ්මීර දේශසීමාවේ මෙවැනි අවි ගැටුම් නිරන්තරයෙන් වාර්තා වේ.

    Latest News