පිලිපීනයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් හඳුනාගැනීමේ පරීක්ෂණ හෙට 30,000ක් පමණ සිදු කිරීමට නියමිතයි.

නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (10) සිට මේ මස 30 වෙනිදා දක්වා ඇඳිරි නිතිය පැනවීමට තීරණය කර ඇති බව කුවේට් කැබිනට් මණ්ඩලය නිවේදනය කර සිටිනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං රුසියානු ජනාධිපති ව්ලැදිමියර් පුටින් සමඟ දුරකථන සාකච්ඡාවක නිරත වී තිබේ.

මීට වසර 40කට පෙර වසූරිය රෝගය මැඩපැවැත්වීමේ දී ගෝලීය සහයෝගීතාව ඉතා වැදගත් වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ටෙඩ්‍රොස් ඇඩනෝම් පවසයි.

පකිස්තානය රට වසා දැමීමේ සීමා ලිහිල් කිරීම අද සිට ක්‍රියාත්මක කිරීමටයි, පියවර ගෙන ඇත්තේ.

ලොව පුරා කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව හතලිස් ලක්ෂය ඉක්මවා ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව නිසි ප්‍රතිකාරයක් සොයා ගන්නා තෙක් සුපුරුදු ජිවන ක්‍රමයෙන් බැහැරව සිටීමට ලොව සියලු දෙනාටම සිදුවෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ‘කොවිඩ් - 19’ වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු එළැඹෙන මාස නවයකට ආසන්න කාලයේදී බිලිඳුන් මිලියන 116 (කෝටි 11.6 ක්) උපදිනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇස්තමේන්තු කරයි.

අමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශවල සාමාජිකයන් සහ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිවිල් වැසියන් ඇතුළු 7,000 කට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත වාර්තා කරයි.

රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

කොරෝනා වෛරසය ආසාධනයට ලක්වූ පුද්ගලයින්ගේ ශුක්‍රාණු තරල තුළ එම වෛරය පවතින බව විද්‍යාඥයින් පිරිසක් අනාවරණය කර ගෙන ඇතැයි වාර්තා වේ.

ඉන්දියාවේ අර්බුදකාරී කාශ්මීරයේ හිස්බුල් මුජහිදීන් ත්‍රස්ත කල්ලියේ ප්‍රධාන පෙළේ නායකයකු වන රියාස් නයිකූ ඝාතනය කිරීමට එරට ආරක්ෂක අංශ සමත් වී තිබේ.

නැගෙනහිර අප්‍රිකාවට බ ලපෑ අධික වැසි හේතුවෙන්, හටගත් ගංවතුරින් 260කට අධික පිරිසක් මියගොස් තිබේ.

තම රට වසංගතයේ උච්චතම අදියර පසු කර ඇතත්, තවත් බොහෝ දුර යා යුතුව ඇති බව, ජර්මානු චාන්සලර් ඇන්ගෙලා මර්කල් පවසයි.

අද (08) අලුයම වන විට ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 39 සීමාවට පැමිණ තිබේ.

අමෙරිකාවේ කොරෝනා වෛරසය ආසාදිත සංඛ්‍යාව අද (08) අළුයම වන විට 12,92,623ක සීමාවට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලොව පුරා කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 590,590 දක්වා ඉහළ ගොස් තිබේ.

ගෝලීය වශයෙන් කොරොනා වසංගතය වැළැක්වීම සඳහා, චීනය, රටවල් 16ක් වෙත වෛද්‍යාධාර කණ්ඩායම් යොමු කර ඇතැයි, චීන ජාතික සෞඛ්‍ය අධිකාරිය පවසයි.

කොවිඩ් -19 වෛරසය අඩපණ කළ හැකි නව ප්‍රතිකාර ක්‍රමයක් හඳුන්වාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත්ව ඇති අතර, ඒ පිළිබඳව යුරෝපා රටවල වෛද්‍ය පර්‌යේෂකයන්ගේද අවධානය යොමුව තිබේ.

ඒක්සත් ජාතීන්ගේ මහාමණ්ඩලය විසින් මැයි මස 03 වැනි දින ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.

Latest News