කොවිඩ් මරණ අනුපාතය ඉන්ෆ්ලුවෙන්සා වලට වඩා 10 ක් - WHO

අප්‍රේ 10, 2020

    කොවිඩ් -19 හි මරණ අනුපාතය ඉන්ෆ්ලුවෙන්සා වලට වඩා 10 ගුණයකින් වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

    මීට මාස දෙකකට පෙර සිය පළමු කෝවිඩ් -19 උපායමාර්ගික සූදානම සහ ප්‍රතිචාර සැලැස්ම දියත් කළ දා සිට තත්ත්වයන් විශාල වශයෙන් වෙනස් වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesu මහතා වසංගත තත්ත්වය පිළිබඳ විස්තර කිරීමේ රැස්වීමකදී පැවසීය.

    කොරොනා ‍වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් බොහෝ රටවල සෞඛ්‍ය පද්ධති අයහපත් වී ඇති අතර ගෝලීය ආර්ථිකය කඩාකප්පල් වී තිබේ.

    දෙවන COVID - 19 උපායමාර්ගික සූදානම සහ ක්‍රියාත්මක සැලැස්ම ඉදිරි දිනවලදී නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

    Latest News