කොරෝනාව මාරාන්තිකයි - සූකරට වඩා 10 ක් බලවත් - WHO

අප්‍රේ 14, 2020

    ප්‍රතිශතයක් ලෙස ගත් කළ කොරෝනා වෛරසය වැලදී ඇති බවට තහවුරු වූ රෝගීන් ගෙන් සීයයට 6.4ක පිරිසක් ජිවිතක්ෂයට පත්ව ඇත.

    නමුත් සුකර උණ වැළදුණු රෝගීන් ගෙන් ජිවිතක්ෂයට පත්වීමේ අවධානමක් තිබුනේ සීයයට 1.1 කට පමණක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වුවත් එහි අවධානම ඉතා සෙමින් සිදුවේ. ඕනෑම මොහොතක වෛරසයේ ව්‍යාප්තිය වැඩිවීමේ අවධානමක් තිබේ. 

    පුද්ගලයින් ලක්ෂ දෙකකට අධික පිරිසක් මරණයට පත් කරමින් ලොවපුරා ව්‍යාප්ත වූ සුකර උණට වඩා කොරෝනා වෛරසය මාරාන්තික බවත් මෙම වසංගතය නැවැත්වීමට අනිවාර්යෙන්ම ඒ සඳහා එන්නතක් සොයා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

    එහි ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර ඇත්තේ ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින එම වෛරසය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බවයි.

    Latest News