කෙරෝනා නිසා දිනක මරණ සංඛ්‍යාව, වැඩිම ගණන අමෙරිකාවෙන්

අප්‍රේ 11, 2020

    අමෙරිකාවේ ඊයේ දින පමණක් වාර්තා වූ මරණ සංඛ්‍යාව 2000 ඉක්මවා ගියේය.

    එය කොරෝනා වෛරසයෙන් මෙතෙක් ලෝකයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. සංඛ්‍යාලේඛනවලට අනුව මේ වනවිට අමෙරිකාවෙන් කොරෝනා මරණ 18,000 ඉක්මවා තිබේ. එය වෙනස් වන්නේ ඉතාලියේ මරණ සංඛ්‍යාවට වඩා සුළු ප්‍රමාණයකින් පමණි. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ලොව වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන රට බවට නුදුරේදීම අමෙරිකාව පත්වනු ඇති බවයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරන්නේ අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියයන සංඛ්‍යාව ලක්‍ෂයකට වඩා අඩුවනු ඇති බව, තමා විශ්වාස කරන බවයි.

    මේ අතර අමෙරිකාවේ නිව්ඕලන්ඩ්ස් ප්‍රාන්තයේ අගරදගුරු ගුවන් යානයක ගැනී ඊයේ තම ප්‍රාන්ත වැසියන්ට ආශිර්වාද කිරීම සිදු කළේය. එහිදී මෙම කොරෝනා වසංගතයෙන් රෝගීවූවන්ට සහ ප්‍රාන්තවාසීන්ට ආශිර්වාද කළේ, පොළොව මට්ටමට අඩි දහසක් ඉහළ අහසේ සිටයි.

    Last modified on සෙනසුරාදා, 11 අප්‍රේල් 2020 18:41

    Latest News