කොරෝනා අතර තුර ට්‍රම්ප් බලතල අතට ගනී 

අප්‍රේ 14, 2020

    අමෙරිකාවේ වසා දැමීමේ නීති ඉවත් කිරීමේ බලපත්‍ර ජනාධිපතිවරයා විසින් පවරාගෙන තිබේ.

    ඒ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් හා විද්වතුන් වෙත තිබූ බලතල ඉවත් කරමින්. අමෙරිකාවේ නැගෙනහිර හා බටහිර වෙරළබඩ ප්‍රාන්ත 9ක්, තම වසා දැමීමේ සීමා ඉවත් කිරීමට සූදානම් වන බවයි, පැතිර ගිය ආරංචි සමග ඩොනඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන තිබේ. අමෙරිකානු ව්‍යවස්ථාවට අනූව එරට ප්‍රාන්තවල ජනතා ආරක්ෂාව සහ පාලන බලතල හිමිව ඇත්තේ, ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන්ටයි.

    නමුත් ට්‍රම්ප්ගේ මෙම තීරණයත් සමග ඔවුන්ට නගර වසා දැමීමේ තීරණ ඉවත් කිරීම සම්බන්ධයෙන් තිබූ සියලු බලතල ඉවත් වී තිබේ. මේ වන විට අමෙරිකාවේ කොරෝනා වෛරස ආසාදිතයින් පන් ලක්ෂ අසූ හය දහසක් වාර්තා වූ අතර මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ විසිතුන් දහස් 640ක් ලෙසයි.

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 11:30

    Latest News