කොරෝනා පාලනයට පුටින් රුසියානු හමුදාව පෙළස්වයි

අප්‍රේ 14, 2020

    රට තුළ කොරෝනා වෛරසය පැතිරීම පාලනය කර ගැනීම අපහසු වුවහොත්, ඊට හමුදාව යොදවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ, රුසියාවෙන් ඊයේ දිනය තුළ වාර්තාගත රෝගීන් සංඛ්‍යාවක් හඳුනා ගැනීමත් සමගයි. වෛරසය පැතිරයාම පාලනය සඳහා හමුදාව සතු සියලුම හැකියාවන් භාවිත කළ හැකි අතර, අවශ්‍ය නම් භාවිත කරන ලෙස, ජනාධිපති ව්ලැදිමීර් පුටින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබේ.

    රුසියානු හමුදාව රටවල් කිහිපයකම කොරෝනා මර්දන වැඩපිළිවෙළ සඳහා සහයෝගය දක්වමින් සිටියි. ඔවුන් ඉතාලියේ වෛරස් ආසාදනය වැළැක්වීම සඳහා වෛරස ආසාදනය වැළැක්වීම සඳහා සුවිශේෂ මෙහෙයරක් ඉටු කළේ. ඊයේ දිනයේ පමණක් රුසියාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් 2,500කට අධික පිරිසක් වාර්තා වී ඇති අතර, එරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යව මෙයයි.

     

     

    Last modified on අඟහරුවාදා, 14 අප්‍රේල් 2020 12:30

    Latest News