ලොවපුරා COVID-19 මරණ එක් ලක්‍ෂ පහලොස් දහස පනී

අප්‍රේ 13, 2020

    කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුවූ මරණ සංඛ්‍යාව එක් ලක්‍ෂ පහලොස් දහස ඉක්මවා තිබේ. ආසාදිත සංඛ්‍යාව 18 ලක්‍ෂය ඉක්මවන බව, වාර්තාවේ.

    වෛරසය හේතුවෙන් මේ වනවිට වැඩිම බලෑමට ලක්ව ඇති අමෙරිකාවේ ඉකුත් පැය 24 තුළ සිදුවූ මරණ සංඛ්‍යාව 1,528කි.

    කොරෝනා වෛරසය ලොව රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක මේ වනවිටත් ව්‍යාප්තව අවසන්. වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස හාරලක්‍ෂ තිස් හතර දහස ඉක්මවන බව, විදෙස් වාර්තාවල සඳහන්.

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 18:36

    Latest News