තම සංගමයේ සාමාජික රටවල් අතරේ සංචාර සිදුකිරීමට අවසර දීම කෙරෙහි යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. එම වැඩපිළිවෙළ යටතේ අදාළ පුද්ගලයන්ට ඩිජිටල් තාක්ෂණික සහතිකයක් නිකුත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ 1996 කියන්නේ කාටවත්ම අමතක නොවන වසරක්.

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරෝනා තත්වය පාලනය සඳහා කඩිනම් ක්‍රියාමාර්ග අනුගමනය කරන්නැයි, අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රාන්ත මහ ඇමතිවරුන්ගෙන් ඉල්ලා තිබේ.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ආරක්‍ෂිත බව බ්‍රිතාන්‍ය රජය යළි තහවුරු කරයි.

නයිජීරියාවේ සිදුවු වෙඩි තැබීමකින් සිවිල් වැසියන් 58 දෙනෙක් මියගොස් තිබේ. වෙඩි ප්‍රහාරය සිදුව ඇත්තේ මාලි දේශසීමාවට ආසන්න නගරයකදී.

අද වන විට ගෝලීය සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දොළොස්කෝටි දොළොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

නාසා ආයතනයේ පර්සිවියරන්ස් රෝවරය මගින් අඟහරු ග්‍රහයා පිළිබඳ නවතම තොරතුරු මේ වන විට අනාවරණය කර ගනිමින් සිටියි.

තායිලන්තය තාවකාලිකව අත්හිටවූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම අද යළි ආරම්භ කෙරිණ.

ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා අද කොවිඩ්-19 එන්නත ලබා ගත්තේය.

අමෙරිකාව තුළ කොරෝනා එන්නත් ලබාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව මිලියන 100 ඉක්ම වීමට ආසන්නව පවතියි.

චීනයේ අගනුවර වන බීජිංහි දරුණු දූවිලි කුණාටුවක් ඊයේ වාර්තා විය. දශකයකට පසු චීනයේ ඇති වූ දරුණුතම වැලි කුණාටුව මෙය බවයි,කාලගුණික කාර්යාංශය ප්‍රකාශ කළේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෝලීය වශයෙන් ලබාදීම පිළිබඳ ගැටලුවක් නොමැති බව පවසයි.

අමෙරිකානු කලු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ (George Floyd) ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව සමතයකට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මියන්මාර හමුදා ජුන්ටා පාලනයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණවල දී තවත් විරෝධතාකරුවන් 21 දෙනෙක් ඊයේ මියගොස් තිබේ.

යුරෝපා රටවල් තුළ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ලත් ආරම්භ වී තිබේ. සංඛ්‍යාත්මක වශයෙන් නව ආසාදිතයින් වාර්තා වීම ප්‍රංශය හා ඉතාලිය තුළ ශීඝ්‍ර වෙනසක් පෙන්වයි.

දෛනිකව නව කොරෝනා ආසාදිතයින් 2000කට අධික පිරිසක් හඳුනා ගැනීමත් සමඟ බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය මුළුමනින්ම වසා දැමීමට බලධාරින් පියවර ගෙන තිබේ.

හෙට සිට ඉතාලියේ මිලාන් නගරය, ලෝම්බාඩ් ඇතුළු ප්‍රදේශ රැසක් මෙන්ම රෝමය අවට ප්‍රදේශ රැසක් ද රතු කලාප ලෙස නම් කෙරෙන බව, එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මියන්මාරයේ බලය ලබාගත් හමුදා පාලනයට එරෙහිව විරෝධතාවල නියුතු පුද්ගලයන්ට වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් ඊයේ වාර්තා විය.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර, හීරත් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් 7ක් මියගොස් තිබේ.

ලෝකයේ පැරණිතම පරිගණකය ලෙස සැලකෙන අවුරුදු 2000ක් පැරණි උපාංගයක් විද්‍යාඥයින් විසින් ප්‍රති නිර්මාණය කරනු ලැබ තිබේ.

Latest News