ලොව කොරෝනා ආසාදිතයන් වැඩි පිරිසක් ඩෙල්ටා ආසාදිතයින්

ජූලි 22, 2021

    ලොව පුරා කොරෝනා ආසාදිතයන් ඉකුත් සතිය තුළ 12%කින් ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

    ඉන් වැඩි පිරිසක් ඩේල්ටා ප්‍රභේදය ආසාදනය වූවන්. ඉහළ සම්ප්‍රේෂණ හැකියාවකින් යුත් ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට ලොව ප්‍රමුඛතාම කොවිඩ් වෛරස් කාණ්ඩය බවට පත්ව තිබෙනවා. පළමුවරට ඉන්දියාවෙන් හඳුනාගැනුණු එම වෛරස් ප්‍රභේදය ඉකුත් සතියේ පමණක් ලොව රටවල් දහතුනක් වෙත පැතිර ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. ඒ අනුව ඩේල්ටා ප්‍රභේදය හඳුනාගෙන ඇති සමස්ත රටවල් හා කලාප ගණන එකසිය විසි හතරක් ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, බංග්ලාදේශය, චීනය වැනි රටවල් රැසක දැනට හඳුනාගත ආසාදිතයන් ගෙන් සියයට 75ක් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතයන් බවටයි වාර්තා වන්නේ.

    Latest News