පසුගිය පැය 24 තුළ, ඉන්දියාවෙන් ආසාදිතයන් 72,182ක් හඳුනා ගෙන තිබේ.

අමෙරිකාවේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව මිලියන 31 ඉක්මවා තිබේ.

බ්‍රසීලයේ පැතිර යන කොරෝනා වසංගතය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.

‍ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 12ස් කෝටි 94 ලක්‍ෂ 70,000 ඉක්මවා තිබේ.

ප්‍රංශය තුළ කොරෝනා වසංගත තත්ත්වය ඉහළ යාම හේතුවෙන් එරට පාසල් නැවතත් වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ජපානයේ චෙරි මල් එහි නියමිත කාලයට පෙර පිපී තිබේ. මෙය ක්‍රිස්තු වර්ෂ 812න් පසු චෙරි මල් කලින් හට ගැනුණු පළමු අවස්ථාව ලෙසයි සැලකෙන්නේ.

ලොව රටවල් 14ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා වෛරස‍යේ මූලාරම්භය පිළිබඳ නව වාර්තාව කෙරෙහි සිය අප්‍රසාදය පළකර තිබේ.

බ්‍රසීලයේ යුද නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදාවේම ප්‍රධානීන් ඉල්ලා අස්වී තිබේ. එරට ජනාධිපති ජාර් බොල්සොනාරෝගේ පාලන තන්ත්‍රය සමග පවතින අර්බුද ඊට හේතුවයි.

ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය වසංගත තත්වයන්ට මුහුණ දීම සඳහා රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අරමුණින් ලෝක නායකයන් රැසක් අද සාකච්ජා පැවැත්වූහ.

කොරෝනා වෛරසය මුලින්ම සතුන්ගෙන් මිනිසුන්ට පැතිර ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය හා චීනය එක්ව නිකුත් කරන ලද නිවේදනයකින් දැක්වෙයි.

උතුරු කොරියාව යළිත් වරක් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව දකුණු කොරියාව පවසයි.

සූවස් ඇලේ සිරවූ කන්ටේනර් ප්‍රවාහන එවර් ගිවන් නෞකාවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාර්තු 23 වැනිදා සූවස් ඇල හරස් කරමින් සිර වූ මෙම නෞකාව නිදහස් කරගනු ලැබුවේ,දින 6කට පසුවයි.

සූවස් ඇල අන්තර් ජාතික මුහුදු මාර්ගයේ සිරවී තිබූ එවර් ගිවන් නෞකාව ඉවත් කිරීමේ මෙහෙයුම සාර්ථක වී තිබේ.

සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දොළොස්කෝටි 77 ලක්ෂ 71,000 ඉක්මවා ගොස් තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් ‍ගෝලීය වශයෙන් 27 ලක්ෂ 96,000කට වැඩි පිරිසක් මියගොස් ඇති බව,සෞඛ්‍යය අංශ වාර්තා පෙන්වා දෙයි.

චීනයේ නිෂ්පාදිත සීනෝෆාම් කොරෝනා එන්නත අප්‍රේල් මස සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ද නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

ඊජිප්තු සුවස් ඇල මාර්ගයේ ගමනාගමනය එවර් ගිවන් නෞකාව හේතුවෙන් තවදුරටත් අඩාලව පවතියි.

ඉන්දුනීසියාවේ කතෝලික දේවස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ගත වූ පැය 24 තුළ ගෝලීය වශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්‍ෂ 80,000 ඉක්මවා තිබේ. 

අමෙරිකාවේ කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතී.

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Latest News