චීනය නිෂ්පාදනය කළ ලොව වේගවත්ම දුම්රිය

ජූලි 23, 2021

    චීනය නිෂ්පාදනය කළ ලොව වේගවත්ම දුම්රිය ඊයේ සිය පළමු ගමන් වාරයේ නිරතවුණා.

    ඊට පැයට කිලෝමීටර් 600 ක වේගයකින් ධාවනය කිරීමට හැකියාව පවතින බවයි වාර්තා වන්නේ. චීනයේ දැනට පවතින "බුලට්" දුම්රිය වර්ගයට අයත් මෙම දුම්රිය නම් කර ඇත්තේ "මැග් ලෙව්" යනුවෙන්. මෙම දුම්රිය චුම්බක තරංග ආධාරයෙන් රේල් පීලි මත පාවෙමින් ගමන් කිරීම එම නම යෙදීමට හේතුව ලෙස සඳහන් වනවා.

    චුම්බක තාක්ෂණය හේතුවෙන් පෙර පැවති දුම්රියවලට වඩා මෙම දුම්රියේ ශබ්ද දූෂණ අවම වන අතර නඩත්තු කටයුතු ද වඩා පහසු බව තාක්ෂණික කණ්ඩායම් පෙන්වා දෙනවා.
    චීනයේ ෂැන්ඩෝ නගරයේ සිට ගමන් ඇරඹූ දුම්රිය එරට නගරාන්තර දුම්රිය සේවාවේ නව පියවරක් සනිටුහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News