ඉරානයේ කොරෝනා නව තර්ජනයක්

ජූලි 22, 2021

    ඉරානයේ ටෙහෙරාන් හි හටගෙන ඇති කොරෝනා නව තර්ජන හේතුවෙන් අගනුවර සහ අවට ප්‍රදේශ කිහිපයක් දින හයක කාලයක් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

    දැනට පවතින වසංගත තත්වය හඳුන්වා ඇත්තේ එරට පස්වැනි රැල්ලේ කොරෝනා තර්ජනයක් ලෙසයි. ඉරානයෙන් මේ දක්වා කොරෝනා ආසාදිතිය්න තිස්හය ලක්ෂයකට අධික පිරිසක් වාර්තා වී තිබෙනවා. මෙතෙක් සිදු වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 87,000යි. දෛනිකව නව ආසාදිතයන් 30,000කට ආසන්න පිරිසක් වාර්තා වෙමින් පවතින බව ඉරාන සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. තත්වය පාලනය සඳහා වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වන ප්‍රදේශ මෙලෙස හුදෙකලා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News