මැලේසියාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද....

ජූලි 24, 2021

    මැලේසියාවේ දෛනික වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ.

    ඒ, පසුගිය පැය 24 තුළදී ආසාදිතයින් 15,902ක් හඳුනාගැනීමත් සමඟයි. මැලේසියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 10 සීමාව හෙට දිනයේදී පසු කිරීමට ඉඩ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මැලේසියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින්ගෙන් 65%ක් ක්ලැංග් නිම්නය ප්‍රදේශයෙන්.

    මේ අතර, මැලේසියාව පසුගිය මැයි 12 වැනිදා සිට දැඩි අඟුලු දැමීමේ සීමාවන්ට යටත්ව තිබුණ ද ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එරට තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයන්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

    Latest News