ඩෙල්ටා නිසා ආසාදිතයන් යළි ඉහළට

ජූලි 24, 2021

    නව ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් ගෝලීය කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතියි.

    ගතවූ පැය 24 තුළ ගෝලීය නව ආසාදිතයන් සංඛ්‍යාව පන් ලක්ෂ 73,762ක් බවයි වාර්තා වන්නේ. කොවිඩ් වසංගතය පාලනය කළ හා එන්නත් ක්‍රියාවලිය සාර්ථක කරගත් රටවල්වලට නව ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයන් වාර්තා වෙයි. අමෙරිකාවේ ද දෛනික ආසාදිතයන්ගේ සංඛ්‍යාව යළිත් ඉහළ ගොස් තිබේ.

    එය සතියක් තුළ ශීඝ්‍ර වර්ධනයක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අමෙරිකාවේ ගතවූ පැය 24 තුළ හැට හත් දහස ඉක්මවූ ආසාදිතයන් පිරිසක් වාර්තා විය. අමෙරිකානු ජනගහනයෙන් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති පිරිස සියයට 48.9ක්.

    තවත් සියයට 56.6ක පිරිසක් පළමු එන්නත පමණක් ලබාගෙන තිබේ. අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව තුන් කෝටි පනස් දෙලක්ෂ අසූ තුන් දහස ඉක්මවයි. එරට හය ලක්ෂ විසි හය දහසකට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් තිබේ.

    Last modified on සෙනසුරාදා, 24 ජූලි 2021 12:44

    Latest News