චීනයේ ගංවතුරින් 25ක් මරුට; ලක්ෂයක් අවතැන්

ජූලි 22, 2021

    චීනයට බලපා ඇති ගංවතුර තත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 25 දෙනෙකු අවම වශයෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

    ගංවතුර තත්වය බලපා ඇති ප්‍රදේශ තුළ පුද්ගලයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. මධ්‍යම චීනයේ හෙනෙක් පළාතට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් හටගෙන තිබෙනවා. එම පළාතේ සෙන්ග්ෂු නගරයට ගංවතුරෙන් දැඩි බලපෑම් සිදු වී තිබෙනවා. එම නගරය ආසන්නයේ පිහිටි උමං මාර්ගයක් ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයන් දොළොස් දෙනකු මියගොස් ඇති බව වාර්තා වෙනවා. ගලවා ගැනීමේ කණ්ඩායම් අවතැන් වූ පුද්ගලයන් මුදල් ගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා. චීනයට ඇද හැලෙන අධික වර්ෂාව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ ප්‍රධාන වශයෙන් බැඳී පවතින බව විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙනවා.

    Latest News