අමෙරිකාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යයි

ජූලි 23, 2021

    ඇමරිකාවේ කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

    නව වාර්තාවල සඳහන් කර ඇත්තේ අලුතින් ආසාදිතයන් වාර්තා වීමේ වේගය ඉහළ යාමට කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බලපා ඇති බවයි. ඇමරිකාවේ ඉකුත් පැය 24 තුළ කොරෝනා නව ආසාදිතයන් 61,000 කට අධික පිරිසක් හඳුනා ගනු ලැබුවා. පසුගිය සතියක කාලයක් තුළ දෛනික කොරෝනා ආසාදිතයන් වාර්තාවීම පැවතියේ 40,000 පමණ අගයකයි. අමෙරිකාවේ යෞවන වයසේ පසුවන්නන්ට දැනට ඩෙල්ටා ප්‍රභේදයේ අවදානම අඩු වුවද සෞඛ්‍ය බලධාරීන් ඔවුන් සඳහා ද එන්නත් කරන නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙමින් සිටිනවා. අමෙරිකාවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් තුන්කෝටි පනස් ලක්ෂ 13000 කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. මෙතෙක් සිදුවී ඇති කොරෝනා සමස්ත මරණ සංඛ්‍යාව හයලක්ෂ 26,000 කට අධිකයි.

    Latest News