නව කොරෝනා වෛරසයෙන් ඉන්දුනීසියාව දැඩි පීඩාවට....

ජූලි 23, 2021

    අග්නිදිග ආසියාවේ කොරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස හැඳින්වෙන ඉන්දුනීසියාව, නව කොරෝනා වෛරසයෙන් දැඩි පීඩාවට පත්ව සිටී.

    ආසාදිතයන් දිනෙන් දින ඉහළ යාම හේතුවෙන් එරට සෞඛ්‍ය පද්ධතියද බරපතල අර්බුදයකට පත්ව ඇති බව වාර්තාවේ. ඉන්දුනීසියාවේ, කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම හේතුවෙන් නව කොරෝනා රැල්ලක් මතුවීමේ ප්‍රවණතාවක් පවතින බවට ලොව වසංගත විශේෂඥයින් අනතුරු අඟවයි.

    ආසාදිතයන් වාර්තාවීම 30%ක ඉහළ අගයක් ඉන්දුනීසියාවෙන් පෙන්නුම් කරයි. පසුගිය සතියේ එරට නව ආසාදිතයින් සංඛ්‍යාව බ්‍රසීලය හා ඉන්දියාව අභිබවා යාමද විශේෂත්වයක්. ඉන්දුනීසියාවේ ඉකුත් පැය 24 තුළ නව කොරෝනා ආසාදිතයන් 49,701 දෙනෙකු වාර්තා වූ අතර, සිදුව ඇති මරණ සංඛ්‍යාව 1566ක්.

    Latest News