විරෝධතා නිසා උ.අයර්ලන්ත පොලීසියේ 50කට තුවාල

අප්‍රේ 09, 2021

    උතුරු අයර්ලන්තයේ නගර කිහිපයක පවතින විරෝධතා හේතුවෙන් පොලිස් නිලධාරීන් 50කට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

    විරෝධතාකරුවන් 10 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ත අග්‍රාමාත්‍යවරුන් මෙම විරෝධතා දැඩි ලෙස හෙලා දැක තිබේ. උතුරු අයර්ලන්තයේ සියලුම දේශපාලන පක්ෂ ද ඊට අප්‍රසාදය පළ කරයි.

    උතුරු අයර්ලන්තයේ තරුණ කණ්ඩායම් කිහිපයක් විරෝධතා ආරම්භ කළේ,පසුගිය මාර්තු 29 වැනිදා සිටයි. ඒ උතුරු අයර්ලන්තයේ බ්‍රිතාන්‍යයේ කොටසක් ලෙස තබා ගන්නා ලෙස ඉල්ලමින්.

    විරෝධතාකරුවන් පොලීසියට ගල්මුල්,ගිනි කෙළි සහ පෙට්‍ර්ලි බෝම්බවලින් පහර දෙන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සිකුරාදා, 09 අප්‍රේල් 2021 11:37

    Latest News