ස්ථාන රැසක අදත් විරෝධතා (වීඩියෝ)

අප්‍රේ 09, 2022
  • ඊයේ රාත්‍රී සහ අද දිනයේත් ස්ථාන රැසක විරෝධතා සහ උද්ඝෝෂණ පැවැත්වුණා.

    දේශපාලන පක්‍ෂ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා ජනතාව එම විරෝධතාවන්ට එක්ව සිටියා. ජාතික ජන බලවේගය සංවිධාන කළ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ සවස මහරගමදී පැවැත්වුණා. මහරගම නගර මධ්‍යයේ පෙළපාලියකින් ගමන් කළ විරෝධතාකරුවන් අවසානයේ පන්දම් පත්තු කරමින් විරෝධතාවේ නිරත වුණා. පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් මීට එක්ව සිටියා.
    ගාලු මුවදොර පිටිය ඉදිරිපිට සංවිධාන කළ විරෝධතාව අද ආරම්භ කෙරුණේ, පෙරවරු 9.00ට පමණ. පැය කිහිපයක් ගාලු මුවදොර පිටිය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ පිරිස් සවස් වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට ගමන් කළා. සවස 6.00ට පමණ වනවිට ජනාධිපති ලේම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම ඉදිරිපිට උද්ඝෝෂකයන් විරෝධතාවයේ නිරත වුණා. ගාලු පාරේ එම ස්ථාන වසා දමා තිබූ අතර, ජනාධිපති ලේකම් කාර්යාලයට දැඩි ආරක්‍ෂාවක් සපයා තිබුණා.

    Last modified on සෙනසුරාදා, 09 අප්‍රේල් 2022 20:28

    Latest News