යුක්‍රේන සහ රුසියානු නායකයින් ඉතිහාසගත හමුවක්

දෙසැ 10, 2019

    යුක්‍රේන සහ රුසියානු නායකයින් ඓතිහාසික හමුවකට ඊයේ එක්විය. දෙරට අතර පැවති යුද තත්වයේන අනතුරුව නායකයින් හමුවු පළමු අවස්ථාව මෙයයි.

    නායකියන් දෙපළ හමුවුණේ ප්‍රංශයේ පැරිස් නුවරදී. සාකච්ජාව සඳහා ප්‍රංශය හා ජර්මනිය සත්කාරකත්වය දක්වයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර සාකච්ජාවල දී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වුණේ නැගෙනහිර යුක්‍රේනයේ පැවතින යුදමය තත්වයයි. දෙරට අතර වසර පහමාරකට වැඩි කාලයක් ගැටුම් පවතින අතර මෙ ්වන විට දහතුන් දහසකට වැඩි පිරිසක් ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    නැගෙනහිර යුක්‍රේනයට සාමය උදා කිරීම යුක්‍රේන ජනාධිපතිවරයාගේ මැතිවරණ පොරොන්දුවල ප්‍රධාන තැනක් ගනු ලැබීය. සාකච්ජා සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ ජර්මන් චාන්සලර් ඇන්ගෙලා මර්කල් ද සහභාගී වී සිටියි.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 08:18

    Latest News