රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමේ සූදානමක්

ජූලි 27, 2022

    ‍‍රුසියාව, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. එය 2024 වසරේ දී ක්‍රියාත්මක කරන බවයි, එරට බලධාරීන් පවසන්නේ.  

    2024 වසර වන විට තමන්ගේම අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුසියාව සැලසුම් කර තිබෙනවා. අමෙරිකාව, රුසියාව ඇතුළු  ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සෙසු සාමාජිකයන් 1998 වසරේ සිට එහි  මෙහෙයුම් කටයුතු සහයෝගයෙන් යුතුව  පවත්වා ගෙන යමින් සිටිනවා. 

    මේ වන විට රුසියාව, යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග ලොව‍ බොහෝ රටවල් රුසියාව හුදෙකලා කිරීමේ ප්‍රතිපත්තියක්  අනුගමනය කිරීම නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් වලටද බාධා මතු වී ඇති බවයි, වාර්තා වන්නේ. 

    මේ පිළිබඳ රුසියාවේ නිල නිවේදනය තවමත් ලැබී නොමැති බව, නාසා ආයතනය පවසනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය, අභ්‍යවකාශ ක්‍ෂේත්‍රයේ මෙහෙයුම්, ගවේෂණ සහ විද්‍යාත්මක අත්හදා බැලීම් ඇතුළු සේවා රැසක් සිදු කරන නිසා රුසියාව වැනි ප්‍රබල රටක් ඉන් ඉවත් වීම සැලකිය යුතු තත්වයක් බවයි, විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

    Latest News