සෙලෙන්ස්කි, යුධ පෙරමුණෙ සිටින සෙබළුන් හමුවෙයි

මැයි 30, 2022

    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, එරට යුද පෙරමුණේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිටින සෙබළුන් හමුවීමට කාර්කිව් පලාතට ගොස් ඇත.

    ඉකුත් පෙබරවාරි 24වැනිදා රුසියානු ආක්‍රමණය ආරම්භ වූ යුක්‍රේන ජනාධිපතිවරයා තමා සිටි කියු අගනුවරින් ප්‍රථමවතාවට පිටතට පැමිණි අවස්ථාව ලෙස මෙය සැලකේ.

    ඉතා අවම ආරක්‍ෂක කණ්ඩායමක් සමඟ ඔහු එම සංචාරයේ නියැලුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සෙබළුන් දිරි ගැන්වීම සඳහා ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතව තිබේ.

    ඔහු කාර්කිව් නගරයේ සංචාරයට එක්ව ඇත්තේ වෙඩි නොවදින කබායක් ද පැලඳගෙනය.

    ජනාධිපති සෙලෙන්ස්කි සොල්දාදුවන්ට පැවසුවේ, "ඔබේ සේවයට ඔබ සැමට ස්තූති කිරීමට මට අවශ්‍යයි." යනුවෙනි.

    දෙසතියක සංසන්දනාත්මක නිශ්ශබ්දතාවයකින් පසු මේවන විට රුසියාව, යුක්‍රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කිව් වෙත ෂෙල් වෙඩි ප්‍රහාර නැවත ආරම්භ කර ඇත.

    Last modified on සදුදා, 30 මැයි 2022 11:14

    Latest News