යුක්‍රේනියානුවන් පිරිසක් ස්වකැමැත්තෙන් රුසියාවට

මැයි 03, 2022

    යුක්‍රේනයේ සිටි කුඩා දරුවන් 1,847 දෙනෙකු ඇතුලු 11,500කට අධික පිරිසක් රුසියාවට වෙත පිටත්ව ගොස් තිබේ.

    කියෙව් බලධාරීන්ගේ මැදිහත්වීමකින් තොරව මෙය සිදුකර ඇති බව විදෙස් වාර්තාවල සදහන්. එම පුද්ගලයන් ස්වකැමැත්තෙන් රුසියාව වෙත පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මීට පෙර රුසියාව විසින් ස්වාධීන කලාපයක් බවට පත්කළ ඩොනෙට්ස්ක් හා ලුහාන්ස්ක් පළාතේ පිරිසක් ද මීට අයත්.

    පෙබරවාරි 24 සිට මේ දක්වා ලක්ෂ 2කට ආසන්න ළමුන් ඇතුළු මිලියන 1.1කට ආසන්න පුද්ගලයින් පිරිසක් යුක්‍රේනයේ සිට රුසියාවට පිටත්ව ගොස් තිබේ.

    Latest News