නවසීලන්තයේ අවදිවූ ගිනිකන්දෙන් 5ක් මරුට

දෙසැ 10, 2019

    නවසීලන්තයේ ගිනි කඳු පිපිරීමකින් පුද්ගලයින් 5 දෙනෙක් මියගොස් තිබේ. තවත් 8 දෙනෙක් අතුරුදන් බවයි, වාර්තා වන්නේ.

    ගිනිකඳු පිපිරීම සිදුවන අවස්ථාවේ සංචාරකයින් විශාල ප්‍රමාණයක් එය නැරඹීමට ගොස් සිටි ඇති අතර, ඉන් 34 දෙනෙක් දිවි බේරා ගැනීමට සමත්ව තිබේ. එම පුද්ගලයින්ගෙන් 31 දෙනෙක් තවමත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. සක්‍රීය ගිනි කන්දක් වන නවසීලන්තයේ පුද්ගලික හිමිකාරිත්වයක් පවතින මෙම ගිනි කන්ද නැරඹීමට විශාල වශයෙන් සංචාරකයින් පැමිණෙයි. ඔවුන්ට අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණත්, එම තත්වය නොසලකා නිරන්තරයේන එය නැරඹීමට යාම හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි බලධාරීන් පවසන්නේ.

    Last modified on අඟහරුවාදා, 10 දෙසැම්බර් 2019 08:15

    Latest News