එක්සත් රාජධානියේ මහ මැතිවරණය අද

දෙසැ 12, 2019

    එක්සත් රාජධානියේ මහ මැතිවරණය අද පැවැත්වේ. වසර හතරක් තුළ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය මෙයයි.

    බ්‍රිතාන්‍ය මහ මැතිවරණය සෑම පස් වසරකටම වරක් පැවැත්වුණ ද මෙවර මහ මැතිවරණය 2015 වසරෙන් පසු පැවැත්වෙන තුන්වන මැතිවරණයයි. නීති හා ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ අරමුණින් මහ මැතිවරණය පැවැත්වෙන අතර මෙහිදී 650 දෙනෙකු තෝරා ගැනීමට නියමිතයි.

    මිලියන 46ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර, ඡන්ද කොට්ඨාස 650ක මැතිවරණය පැවැත්වේ. මෙවර මහ මැතිවරණයේ දී බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ට දුෂ්කර තේරීමකට මුහුණදීම සිදුවනු ඇතැයි, විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

     

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 12 දෙසැම්බර් 2019 08:14

    Latest News