රුසියානු ප්‍රහාරවලින් නැගෙනහිර කලාපයට හානි

ජූලි 10, 2022

    රුසියානු ප්‍රහාරවලින් සිය නැගෙනහිර කලාපයේ ප්‍රදේශ රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව, යුක්‍රේන ආරක්ෂක අංශ පවසනවා. 

    ඔවුන් කියා සිටින්නේ, රුසියානු හමුදාව සිතාමතාම තම නගර විනාශ කරන බවයි. රුසියානු හමුදාව යුක්‍රේනයේ කර්කිව්, මයිකොලයිව් යන නගරවලට ද මිසයිල ප්‍රහාර එල්කරමින් සිටිනවා.

    එම ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියන් රැසක් තුවාල ලබා ඇති අතර, ජීවිත හානිද වාර්තා වනවා. යුක්‍රේන බලධාරින් පවසන්නේ, රුසියානු හමුදාව තමන් සතු ධාන්‍ය සිතාමතාම විනාශ කරන බවයි.

    තිරිඟු, බාර්ලි ඇතුළු ධාන්‍ය වගා බිම් හෙක්ටයාර සිය ගණනක් මේ වන විටත් ගිනිගෙන විනාශ වී ඇති බව, ඔවුන් පෙන්වා දෙනවා.

    යුක්‍රේනයේ "ක්‍රිව්" ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරවලින් එහි පාසලකට හා නිවාස රැසකට දැඩි හානි සිදුව ඇති බව, විදෙස් වාර්තාවල සඳහන්. මේ අතර, එක්සත් ජනපදය පවසන්නේ යුක්‍රේනයේ යුදමය කටයුතු සඳහා අධි නිරවද්‍ය රොකට් පද්ධති 04ක් සැපයීමට තමන් කටයුතු කරන බවයි.

    Last modified on ඉරිදා, 10 ජූලි 2022 12:16

    Latest News