ජම්මු කාශ්මීර ගැටළුවට ඉම්රාන්ගෙන් - මෝදිට චෝදනා

අගෝ 15, 2019
    කාශ්මීරය සම්බන්ධව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි කටයුතු කළ ආකාරය ‘උපාය මාර්ගික වරදක්‘ බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි. ජම්මු කාශ්මීර ස්වයං පාලන බලතල අවලංගු කිරීමට ගත් පියවරට එකඟ විය නොහැකි බව පකිස්තාන අගමැතිවරයා සදහන් කළේය. 
    පකිස්තාන නිදහස් දිනය සමරමින් අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පකිස්තාන පාලනයට නතු කාශ්මීරයේ ඊයේ සංචාරයක නිරත විය. අගමැතිවරයාගේ පැමිණීම වෙනුවෙන් විශේෂ ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව සදහන් වේ.
    ඉම්රාන් ඛාන් අගමැති ධූරයට පත්වීමෙන් පසු, පකිස්තානයට අයත් කාශ්මීරයේ සංචාරයකට පැමිණි පළමු අවස්ථාව මෙය වේ. එහිදී කාශ්මීර ප්‍රාන්ත පාර්ලිමේන්තුව අමතමින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා කියා සිටියේ තමන් කිසිදු අවස්ථාවක ඉන්දියාව සමඟ යුද්ධයකට නොයන බවය. 
     
    Last modified on බ්‍රහස්පතින්දා, 15 අගෝස්තු 2019 12:12

    Latest News