නැගෙනහිර ආසියාවක් බිහි කිරීමට දකුණු කොරියාවේ සහය - Moon Jae - in

අගෝ 16, 2019

    ජපානය සමග සංවාද හා සහයෝගතා පැවැත්වීමට දකුණු කොරියාව කැමැත්ත පළ කරයි.

    දකුණු ‍කොරියාව ජපාන යටත් විජිත පාලනයෙන් මුදවා ගැනීමේ 74 වැනි නිදහස් දිනය 15 වැනි දින සමරනු ලැබීය.

    දකුණු කොරියා ජනාධිපති Moon Jae - in මහතා නිදහස් දිනය සැමරීමේ උත්සවයට සහභාගී වෙමින් මේ බව පැවසීය.

    ජපානය තමන් සමග සංවාද හා සහයෝගතා පැවැත්වුවහොත් ජපානය සමග සාධාරණ වෙළඳ හා සහයෝගතා සහිත නැගෙනහිර ආසියාවක් බිහි කිරීමට දකුණු කොරියාව කැමැත්ත දක්වන බව Moon Jae - in මහතා එහිදී ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර වෙළඳ පටිපාටිය ආරක්ෂා කරන ලෙස ද සංවාද හා සහයෝගතා පැවැත්වීමේ මාර්ගයේ නියැලී සිටින ලෙස ද Moon Jae - in මහතා ජපානයෙන් ඉල්ලා සිටියේය.

    Latest News