ඒඩන් වරායේ පාලනය කැරළිකරුවන් අතට

අගෝ 13, 2019

    යේමනයේ ඒඩන් වරාය නගරයේ පාලනය කැරළිකරුවන් අත්පත් කරගෙන තිබේ. ඒ රජයට පක්ෂපාතී කණ්ඩායම් හා යේමන කැරළිකරුවන් අතර හටගත් දරුණු ගැටුම්වලින් අනතුරුවයි.

    ස්වාධීන දකුණු ප්‍රදේශයක් සඳහා සටන් වදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහාය ලත්, එස්.ටී.සී කැරළි කණ්ඩායම ප්‍රදේශයේ බලය පසුගියදා අත්පත් කරගැනිණ. ඔවුන් පවසන්නේ, ජනාධිපති මාළිගය හා හමුදා කඳවුරු කිහිපයක් ඒ අතර වන බවයි.

    ඒඩන් නගරය සටන්කාමීන් අත්පත් කර ගැනීම හමුදා කුමන්ත්‍රණයක් බවයි, යේමන් රජය පවසන්නේ. උපාය මාර්ගික වශයෙන් වැදගත් කලාපයක් ලෙසයි, ඒඩන් වරාය නගරය සැලකෙන්නේ. වසර 8ක යේමනයේ යුද ගැටුම් හේතුවෙන් 2015 සිට මේ දක්වා 7,200ක පිරිසක් මියගොස් තිබේ.

     

     

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 11:24

    Latest News